පැහැබර සමක විහිදෙන කෙහෙ රළක සතු
සුසිනිදු බවක් නැතිදෝ ඔය සිතක රුදු
දැවටෙන රැඳෙන මගෙ නෙතු බැල්මකට මුදු
නොදනෙන ලෙසින් පිටුපා යන මියුරු නෙතු…
පොපියන්න ඇසිල්ලක හැඟුම්බර ස්නේහයේ
නැති ඇයිද ස්වර මන්ද්‍ර වැයෙන ගැඹුරුම තතේ
වදනින්ද සිතකින්ද සැඟවෙන්න දුවන මේ
නුඹ යන්න යන මංද මම ඉන්න සිහින වේ…
වරුවක් ඔබේ ළඟ ඉන්න
කරුණක් තිබේ පවසන්න
ආසයි නුඹේ සුරතින්ම
දිනකදි බත් කටක් කන්න...
ඔය මුදු සිනහවට කරුණක් ගෙන එන්න
ඔබ ළඟ හිස්ව ඇති අසුනක් පුරවන්න
නිහඬව දොඩමලුව අතගෙන ඇවිදින්න
ළඟදිම අවසරද එහෙනම් පවසන්න…
0 comments: