මාන පඳුරක දාර අතරින් පේන ගගනත හීනි පත් ඉරු නීල කෙස්‍ රැලි වසා උවනත  ගේන පැහැබර මන්දහාසය...

මන්දහාසය







මාන පඳුරක දාර අතරින්
පේන ගගනත හීනි පත් ඉරු
නීල කෙස්‍ රැලි වසා උවනත 
ගේන පැහැබර මන්දහාසය...






0 comments:

නිහඬ ඈ වෙනුවෙන්


0 comments:

         සරසවියේ  මුල්ම වසර දෙක කියන්නේ ජිවිතේ සුන්දරම කාල වලින් එකක්. සින්නොන්ගේ වදෙන් බේරෙන්න අඳුරගත්තත් පස්සේ පස්සේ එක පවුලක් තරමට එක...

මතක පිටු



         සරසවියේ  මුල්ම වසර දෙක කියන්නේ ජිවිතේ සුන්දරම කාල වලින් එකක්. සින්නොන්ගේ වදෙන් බේරෙන්න අඳුරගත්තත් පස්සේ පස්සේ එක පවුලක් තරමට එකිනෙකා සමීප වෙච්ච හැටි මතක පොතේ එක ගොඩේ ලියවුනු හීනි අකුරු පේලි විදියට හැමදාම ඉතුරු වෙලා තියෙයි. සුන්දර ආදර කන්ද තරණය ඒ පොතට තවත් පාට පිටු ගොන්නක් එකතු කරපු චාරිකාවක්. ඉතින්, එයින් හිතට දැනුනු කිහිපයක් මේ විදියට අලවලා තියන්න හිතුනා.






0 comments:

වෙරළේ සැඳැ සෙවණේ වැලි මත හිඳ සුරතල් කතා වැස්සක් එක්ක උණුසුම හොයන් ආපු ඔබ... රැලි එක පිට එක පෙරලී රඟන දසුනෙන්  කෙහෙ රැලි අවුල්...

කදුළු සිතුවම්


වෙරළේ සැඳැ සෙවණේ වැලි මත හිඳ
සුරතල් කතා වැස්සක් එක්ක උණුසුම හොයන් ආපු ඔබ...
රැලි එක පිට එක පෙරලී රඟන දසුනෙන් 
කෙහෙ රැලි අවුල් කල සුළඟෙන්,
කුල්මත් වූ අප….

නොසන්සුන් මුත් ගැඹුරු රළ දෙබෑ කළ ගල් කුල
මත හිඳ සිටි ඔහු...
අද තනිව වැල්ලේ මැකි යන පියවර ලුහුබඳින මා…
එකම කාල රේඛාවක පිලිවෙලින් මුණ ගැසෙන කඳුලු සිතුවම් පෙලකි නොමැකෙන…

0 comments:

නෙතු මගෙ ගැටෙන හැමදාකම දුර දීම.. බුහුටිය හුරුය නැලවෙන හිස කෙහෙ රෑන. ළඟටම එන්න විඳගන්නට හිතලාම මගදිම හැරෙමි ඔය සිනහව ඇති තාම.. ...

මගදිම හැරෙමි

නෙතු මගෙ ගැටෙන හැමදාකම දුර දීම..
බුහුටිය හුරුය නැලවෙන හිස කෙහෙ රෑන.
ළඟටම එන්න විඳගන්නට හිතලාම
මගදිම හැරෙමි ඔය සිනහව ඇති තාම..

විහිදෙන දෙනෙත් ඇති යුවතියො දඟකාර.
සිත ගෙන නොගිය හැටි පුදුමයි පෙරදාක..
සිල්ගත් දෙනෙත් දුටු දිනදිම හමු වූව..
මතකයි මමත් පන්සල් ගිය සිදුවීම.

0 comments:

පැහැබර සමක විහිදෙන කෙහෙ රළක සතු සුසිනිදු බවක් නැතිදෝ ඔය සිතක රුදු දැවටෙන රැඳෙන මගෙ නෙතු බැල්මකට මුදු නොදනෙන ලෙසින් පිටුපා යන මි...

පවසන්න


පැහැබර සමක විහිදෙන කෙහෙ රළක සතු
සුසිනිදු බවක් නැතිදෝ ඔය සිතක රුදු
දැවටෙන රැඳෙන මගෙ නෙතු බැල්මකට මුදු
නොදනෙන ලෙසින් පිටුපා යන මියුරු නෙතු…
පොපියන්න ඇසිල්ලක හැඟුම්බර ස්නේහයේ
නැති ඇයිද ස්වර මන්ද්‍ර වැයෙන ගැඹුරුම තතේ
වදනින්ද සිතකින්ද සැඟවෙන්න දුවන මේ
නුඹ යන්න යන මංද මම ඉන්න සිහින වේ…
වරුවක් ඔබේ ළඟ ඉන්න
කරුණක් තිබේ පවසන්න
ආසයි නුඹේ සුරතින්ම
දිනකදි බත් කටක් කන්න...
ඔය මුදු සිනහවට කරුණක් ගෙන එන්න
ඔබ ළඟ හිස්ව ඇති අසුනක් පුරවන්න
නිහඬව දොඩමලුව අතගෙන ඇවිදින්න
ළඟදිම අවසරද එහෙනම් පවසන්න…

0 comments:

නුඹෙ දෙපා පිය නැගෙන වේගෙට නුඹත් එක්කම ඇවිද යන්නැති නුඹෙ කුඩේ ඉහිලෙනා උසකට හිස නමන් පියමන් කරන්නැති නුඹෙ කතා අසමින් ගිහින් තව තව කතා මං ...

පිටව යන්නම්

නුඹෙ දෙපා පිය නැගෙන වේගෙට නුඹත් එක්කම ඇවිද යන්නැති
නුඹෙ කුඩේ ඉහිලෙනා උසකට හිස නමන් පියමන් කරන්නැති
නුඹෙ කතා අසමින් ගිහින් තව තව කතා මං අසා ගන්නැති
ඉරුණු පොඩි කොල කැබලි සුළඟට පා කරන් හිත හදා ගන්නැති
මුතු සිනා විහිදෙනා තරු කැට මට නොදී ඔහු හට පුදද්දී
සිත පුරා පුරවමින් වැඩි සෙනෙහෙන් දෙනෙත් මගෙ බරව යද්දී
ලැදි උනත් සරදම් සිනා හැම මුවක් ගානෙම පැතිර යද්දී
අවසරයි දැන් නුඹෙන් වෙන්වී මිදී යන්නට දුරක ඇද්දී
කලින් කලකට විඳින්නට නුඹ ආස කල ගී පද අසන්නම්
තවත් ලඳකට පෙම් කරන්නට නුඹ කියා දුන් ලෙස ඉදින්නම්
ජීවිතය මත ආදරය කොළ කැබල්ලක් මත රතු ඉරක් නම්
පින්සලෙන් රතු පැහැය බොඳ කරනට කඳුලු බිඳු තව යොදන්නම්

0 comments:

ඈතින් එබෙන ලා සඳ පාටින් දිලෙන ඒ වත ගාවින් රැඳුනු මාදර තාමත් සොඳුරු ඒ සිත... රහසින් සවන් අද්දර සුසුමින් කියන් විස්තර වැදෙ...

ලා සඳ



ඈතින් එබෙන ලා සඳ
පාටින් දිලෙන ඒ වත
ගාවින් රැඳුනු මාදර
තාමත් සොඳුරු ඒ සිත...

රහසින් සවන් අද්දර
සුසුමින් කියන් විස්තර
වැදෙමින් දෙතොල් පෙත්තක
ඉන්නම් දහක් තත්පර...

0 comments:

නීල නෙතු පිය හැඩ උනාවේ සීත කන් පෙති නැලවුනාවේ රෝස දෙතොලඟ සිනහවේ ගිලී මා ඔහෙ මියදුනාවේ… සුසුම් කඳුළට මුසු වුනාවේ සිහින් සුළඟක බොඳ...

සමු දෙන්නට


නීල නෙතු පිය හැඩ උනාවේ
සීත කන් පෙති නැලවුනාවේ
රෝස දෙතොලඟ සිනහවේ
ගිලී මා ඔහෙ මියදුනාවේ…
සුසුම් කඳුළට මුසු වුනාවේ
සිහින් සුළඟක බොඳ උනාවේ
සතුටු වෙහෙසට විරාමය වී
දුකත් හදටම ළං උනාවේ…
දෙනෙත් අහසට යොමු වුනාවේ
හැඟුම් දසතට විසිරුනාවේ
සිරෙන් සිරුරම මුදවන්න පෙර
ඔබෙන් සුසුමක් මගෙ උනාවේ….

0 comments:

හීතලට අඳුරත් එක් වුනු නොනිදි රැයකදි තනිකමට වැහිබිඳු ඔච්චම් කලා … ලයාන්විත සුවඳකින් අපගේ අතීත මතකයට ජීවයක් එක් කලා … ඒ මතකයට අබ...

නිශා මිරිඟුවක්

හීතලට අඳුරත් එක් වුනු නොනිදි රැයකදි
තනිකමට වැහිබිඳු ඔච්චම් කලා …
ලයාන්විත සුවඳකින් අපගේ අතීත
මතකයට ජීවයක් එක් කලා …
ඒ මතකයට අබ්බැහි වෙච්ච මගේ සිත දුර ගිය තරම…
සඳ පවා නොපෙනී ගිහින් තරු එලිය විතරමයි දුටුවෙ
ඒ මඳ අඳුරෙ මා අතරමං වුනේ
කොතරම් ආසාවකින්ද?
කොතරම් ලෙන්ගතු කමකින්ද?
ඒනමුත්...
මා නිශා මිරිඟුවක සිර කර ඒ මියැසිය පලා ගිහින්…
සුසුම් අහිමි වීමට පෙර දෙනෙත් අඩවන් විය.
එළඹෙන හිමිදිරියේ මිහිදුමක් මා සිහිනයට කැඳවා
ගොසිනි…

0 comments: