නැගණියගේ විසි එක් වන උපන් දිනය වෙනුවෙන් ... ලෙයක් බැඳි ඇරඹුමක පටන් ළං වී උන්න නුඹත් එක්කල මතක ගමන් මග යා වෙන්න හිතක් ඇඳි ...

හෙටත් රැඳිලා ඉන්න...




නැගණියගේ විසි එක් වන උපන් දිනය වෙනුවෙන් ...

ලෙයක් බැඳි ඇරඹුමක පටන් ළං වී උන්න
නුඹත් එක්කල මතක ගමන් මග යා වෙන්න
හිතක් ඇඳි නෙක වර්ණ මිලක් නැති මේ චිත්‍ර
එකත් විසි සමරුමට ගෙනත් දෙමි ආ මෙන්න

එදත් හරි කටකාර මුරන්ඩුම ලී කෙක්ක
කනක් ඇහිලා ඉන්න හිටින්නට බෑ එක්ක
දෙකක් වැදිලා ඔන්න අඬන්නට හා ඉක්ක
දුවන්නෙම කියන්නට එයත් අම්මා එක්ක

යලිත් මොහොතින් නුඹට කිසිත් සිහි නෑ මෙන්න
ඇවිත් රවුමෙන් ළඟට දුකත් සිතුනේ ඉන්න
ගෙනත් වැසි පායන්න සිනාසෙන දේදුන්න
මටත් තරහින් ඒම ඉතින් තව බෑ ඉන්න

කලත් ගෙවිලා යන්න ගියත් හරි වේගෙන්ම
නුඹත් වැඩිලා දන්න සියල්ලම වාගේම
මතක් කරලා දෙන්න යලිත් හැමදා මෙන්ම
හෙටත් රැඳිලා ඉන්න සහෝදර මේ බැම්ම

0 comments: