දින සති ගණනාවක සාමුහික මහන්සියකින් පස්සේ සංවිධානය වෙන හැම කැම්පස් event එකකම වගේ අවසානයේ හැමෝටම නටලා කරලා විනෝද වෙලා හිත නිදහස් කරගන...

මොහොතක්


දින සති ගණනාවක සාමුහික මහන්සියකින් පස්සේ සංවිධානය වෙන හැම කැම්පස් event එකකම වගේ අවසානයේ හැමෝටම නටලා කරලා විනෝද වෙලා හිත නිදහස් කරගන්න DJ night එකක් තියන එක තමා සිරිත. එදත් ඒ වගේ දවසක්. හිතේ හැටියට තවමත් නටන පිරිස් අතරින් රිංගල ආපු අපි පොඩි විවේකයක් ගන්න කියල පැත්තකින් ඉඳගත්තා. ඉන් මොහොතක්...

ගිමන් හරිමින් සුසුම් අද්දර
දෙනෙත් ඈතක අනන්තය වෙත
අතින් අත රඳවමින් පිරිමැද
සිතක් සැනසුන සිතක් ගොලු වුන

පාට කළ මුහුණු ගීතයට වැනුනු
විදුලි එලි අඳුර ඉරා පැන නැගුනු
ප්‍රීති කෑමොර නාද කන වැකුනු
සිතක් සැනසුන සිතක් ගොලු වුන

0 comments:

තරුණ තරු කැට … අහිංසක මද පවන… පුංචි දෙයටත් පිනි කඳුලු රූරා වැටෙන නිස්ංසල ගගන… මුවින් නිහඬයි හැඟුමින් දොඩයි සුසුමින් වියය...

ගගන නුඹ


තරුණ තරු කැට …
අහිංසක මද පවන…
පුංචි දෙයටත් පිනි කඳුලු රූරා වැටෙන නිස්ංසල ගගන…

මුවින් නිහඬයි
හැඟුමින් දොඩයි
සුසුමින් වියයි
සෙනෙහේ දිනෙන් දින…

0 comments:

හිමපත් අඩවියක සිසිලට මිදුනු සිත තඹ කෙස් දුඹුරු ඇස් දිදුලන කිඳුරු වත ලැබුනත් හඳහනට කොටුවක් සිකුරු හත දුටු වත් නොදුටු ගානින් යන සොඳුරු කත...

ගැහෙන තරුවක්


හිමපත් අඩවියක සිසිලට මිදුනු සිත
තඹ කෙස් දුඹුරු ඇස් දිදුලන කිඳුරු වත
ලැබුනත් හඳහනට කොටුවක් සිකුරු හත
දුටු වත් නොදුටු ගානින් යන සොඳුරු කත
බෝල නෙතකි සිනහව සවසක අන්දම්
මාල අවැසි නැත කර වට කිම රන්දම්
පාන සෙනෙහසක් එළියක ඉටිපන්දම්
ගේන දවකුත් මැව්වෙමි කර සිත්තම්
දුර ළං වන්න බැරි තරමට වැඩියත් නෑ
සුසුමින් සුසුම පටලන්නට එනමුත් බෑ
නිතැතින් ‘ගැහෙන තරුවක් ‘ වී මැදියම් රෑ
මගෙ නෙත් වෙහෙස කරවන්නට කොහොමත් බෑ
වැහිළිහිණියන් පාවෙන අහසකට යට
දිය වැල් සොයන් ඇවිදින්නේ කුමකටද
වැසි අද නොමැති නම් එලඹෙන දිනක හෙට
සුපුරුදු ලෙන්ගතුම මිහිමත රැදෙනු ඇත

0 comments:

අඩවන් නෙතින් දුටු පියයුරු කඳු යුවල වසා නැගෙන මිහිදුම් සලු දුහුලැල්ය දෑගිලි මද පවන හිසකේ අතරෙ යන හිරි වට්ටයි ගතම දෙතොලින් ...

කඳුකර දෙව්දුව


අඩවන් නෙතින් දුටු පියයුරු කඳු යුවල
වසා නැගෙන මිහිදුම් සලු දුහුලැල්ය
දෑගිලි මද පවන හිසකේ අතරෙ යන
හිරි වට්ටයි ගතම දෙතොලින් දිය දහර…

මතකයි පෙර දිනක ඔබ හමුවූ අයුර
පාවි ගියා සලු අතරට රහසක්ය
සිහිපත් කරන් සිහිලැල් සුසුමන් පවන
සැතෙමි ඔබේ තුරුලේ තණ පලස මත…


0 comments:

නෙතු මගෙ ගැටෙන හැමදාකම දුර දීම බුහුටිය හුරුය නැලවෙන හිස කෙහෙ රෑන ළඟටම එන්න විඳගන්නට හිතලාම මගදිම හැරෙමි ඔය සිනහව ඇති තාම... ...

මගදිම හැරෙමි




නෙතු මගෙ ගැටෙන හැමදාකම දුර දීම
බුහුටිය හුරුය නැලවෙන හිස කෙහෙ රෑන
ළඟටම එන්න විඳගන්නට හිතලාම
මගදිම හැරෙමි ඔය සිනහව ඇති තාම...

විහිදෙන දෙනෙත් ඇති යුවතියො දඟකාර
සිත ගෙන නොගිය හැටි පුදුමයි පෙරදාක
සිල්ගත් දෙනෙත් දුටු දිනදිම හමු වූව
මතකයි මමත් පන්සල් ගිය සිදුවීම...


0 comments:

වැහි අඳුර පලාතම වහගෙන. උදේ ඉදන් වැටිච්ච වැස්ස නිසා පාර දෙපැත්තේ වතුර වලවල් පිරිලා. බස් එකේ ජනේලේ ගාවම සීට් එකක ඉඳගෙන හිටියත් හිත නම්...

තවත් මමෙක්



වැහි අඳුර පලාතම වහගෙන. උදේ ඉදන් වැටිච්ච වැස්ස නිසා පාර දෙපැත්තේ වතුර වලවල් පිරිලා. බස් එකේ ජනේලේ ගාවම සීට් එකක ඉඳගෙන හිටියත් හිත නම් හිටියේ ජනේලෙන් එළියේ තෙමි තෙමි. තාම හීනියට වැහි පොද වැටෙනවා. යන්න ඕනම නිසා යනවා මිසක් හිතට හරි නෑ. ඊයේ campus එකේ වෙච්ච සිද්දියක් නිසා. පුදුමයක් නෑ හිතත් කළුවරයි. මට මං ගැනම කලකිරීමක් ඇති උනේ.


අහස් දිය වැදී පොළොවට ගලා යන අයුරු දුටුවෙමි
පිරී ගිය දියෙන් වලවල් අහස් කුසේ රුව දුටුවෙමි
තවත් පියවරක් ළං වී හොඳින් මුව හොවා බැලුවෙමි
අහස් කුසට පහලින් බිම තවත් මමෙක් එහි සිටියෙමි

අඳුරුයි ඒ රුව පැහැයෙන්
සුළඟට අත පය වෙවුලන්
රැළි නැග එයි ලය පෙදෙසින්
සිතුවිලි මත පෙන බිඳෙමින් ...


0 comments: