හිමපත් අඩවියක සිසිලට මිදුනු සිත තඹ කෙස් දුඹුරු ඇස් දිදුලන කිඳුරු වත ලැබුනත් හඳහනට කොටුවක් සිකුරු හත දුටු වත් නොදුටු ගානින් යන සොඳුරු කත...

ගැහෙන තරුවක්


හිමපත් අඩවියක සිසිලට මිදුනු සිත
තඹ කෙස් දුඹුරු ඇස් දිදුලන කිඳුරු වත
ලැබුනත් හඳහනට කොටුවක් සිකුරු හත
දුටු වත් නොදුටු ගානින් යන සොඳුරු කත
බෝල නෙතකි සිනහව සවසක අන්දම්
මාල අවැසි නැත කර වට කිම රන්දම්
පාන සෙනෙහසක් එළියක ඉටිපන්දම්
ගේන දවකුත් මැව්වෙමි කර සිත්තම්
දුර ළං වන්න බැරි තරමට වැඩියත් නෑ
සුසුමින් සුසුම පටලන්නට එනමුත් බෑ
නිතැතින් ‘ගැහෙන තරුවක් ‘ වී මැදියම් රෑ
මගෙ නෙත් වෙහෙස කරවන්නට කොහොමත් බෑ
වැහිළිහිණියන් පාවෙන අහසකට යට
දිය වැල් සොයන් ඇවිදින්නේ කුමකටද
වැසි අද නොමැති නම් එලඹෙන දිනක හෙට
සුපුරුදු ලෙන්ගතුම මිහිමත රැදෙනු ඇත

0 comments: