වැහි අඳුර පලාතම වහගෙන. උදේ ඉදන් වැටිච්ච වැස්ස නිසා පාර දෙපැත්තේ වතුර වලවල් පිරිලා. බස් එකේ ජනේලේ ගාවම සීට් එකක ඉඳගෙන හිටියත් හිත නම් හිටියේ ජනේලෙන් එළියේ තෙමි තෙමි. තාම හීනියට වැහි පොද වැටෙනවා. යන්න ඕනම නිසා යනවා මිසක් හිතට හරි නෑ. ඊයේ campus එකේ වෙච්ච සිද්දියක් නිසා. පුදුමයක් නෑ හිතත් කළුවරයි. මට මං ගැනම කලකිරීමක් ඇති උනේ.
අහස් දිය වැදී පොළොවට ගලා යන අයුරු දුටුවෙමි
පිරී ගිය දියෙන් වලවල් අහස් කුසේ රුව දුටුවෙමි
තවත් පියවරක් ළං වී හොඳින් මුව හොවා බැලුවෙමි
අහස් කුසට පහලින් බිම තවත් මමෙක් එහි සිටියෙමි
අඳුරුයි ඒ රුව පැහැයෙන්
සුළඟට අත පය වෙවුලන්
රැළි නැග එයි ලය පෙදෙසින්
සිතුවිලි මත පෙන බිඳෙමින් ...
0 comments: