පෙරා කෙහෙ රැලි සුවඳ රංදන් උනා බේරෙන වැසි බිඳිත්තන් උරා උණුසුම සිසිල කැන්දන් ඇගේ ගෙල වට රැදෙන අන්දම්.. වෙවුලන අතින්...

තෙමුනු සවසක්



පෙරා කෙහෙ රැලි සුවඳ රංදන්
උනා බේරෙන වැසි බිඳිත්තන්
උරා උණුසුම සිසිල කැන්දන්
ඇගේ ගෙල වට රැදෙන අන්දම්..

වෙවුලන අතින් තද කරගෙන සිටි කුඩය
නලියන නිතින් සැඩ සුළඟක කරදරය
විසිවෙන ලෙසින් ඇවිදන් පැටලී අඩිය
මගෙ හදවතින් ගෑවීගෙන ගිය අරුම

0 comments: