පෙරා කෙහෙ රැලි සුවඳ රංදන් උනා බේරෙන වැසි බිඳිත්තන් උරා උණුසුම සිසිල කැන්දන් ඇගේ ගෙල වට රැදෙන අන්දම්.. වෙවුලන අතින්...
මිදෙන්නට හැකිනම් පියෙවියෙන්.. පැටලෙන්නට යලි උමතුවෙන්.. ඔහේ සුළඟට මුමුනමින්, කඳුලු එන තුරු සිනහවෙන්.. ගෙවූ කාලය කොහෙද බං...
දහවල් රස්නය ගතත් සිතත් දෙකම විඩාවට පත් කල දිනක ඇඳට වැටුනෙමි. කර්කශ හඬක් නංවමින් ඔහේ කැරකෙන සිවිලිං විදුලි පංකාවට උඩින් නලියන මකුළු ...
සිනිදු සුදු වැලි දෙපා සිපගත් මතකෙ රැඳවුනු සොඳුරු මොහොතක, මුහුදු සුළඟත් කරදියත් තැනු තනුව සවනට හාදුවක්... දෙතොල් මත රැඳි ක්ෂිතිජ ...
නැගණියගේ විසි එක් වන උපන් දිනය වෙනුවෙන් ... ලෙයක් බැඳි ඇරඹුමක පටන් ළං වී උන්න නුඹත් එක්කල මතක ගමන් මග යා වෙන්න හිතක් ඇඳි ...
හෙටත් රැඳිලා ඉන්න...
නැගණියගේ විසි එක් වන උපන් දිනය වෙනුවෙන් ...
නුඹත් එක්කල මතක ගමන් මග යා වෙන්න
හිතක් ඇඳි නෙක වර්ණ මිලක් නැති මේ චිත්‍ර
එකත් විසි සමරුමට ගෙනත් දෙමි ආ මෙන්න
එදත් හරි කටකාර මුරන්ඩුම ලී කෙක්ක
කනක් ඇහිලා ඉන්න හිටින්නට බෑ එක්ක
දෙකක් වැදිලා ඔන්න අඬන්නට හා ඉක්ක
දුවන්නෙම කියන්නට එයත් අම්මා එක්ක
යලිත් මොහොතින් නුඹට කිසිත් සිහි නෑ මෙන්න
ඇවිත් රවුමෙන් ළඟට දුකත් සිතුනේ ඉන්න
ගෙනත් වැසි පායන්න සිනාසෙන දේදුන්න
මටත් තරහින් ඒම ඉතින් තව බෑ ඉන්න
කලත් ගෙවිලා යන්න ගියත් හරි වේගෙන්ම
නුඹත් වැඩිලා දන්න සියල්ලම වාගේම
මතක් කරලා දෙන්න යලිත් හැමදා මෙන්ම
හෙටත් රැඳිලා ඉන්න සහෝදර මේ බැම්ම
මාන පඳුරක දාර අතරින් පේන ගගනත හීනි පත් ඉරු නීල කෙස් රැලි වසා උවනත ගේන පැහැබර මන්දහාසය...
සරසවියේ මුල්ම වසර දෙක කියන්නේ ජිවිතේ සුන්දරම කාල වලින් එකක්. සින්නොන්ගේ වදෙන් බේරෙන්න අඳුරගත්තත් පස්සේ පස්සේ එක පවුලක් තරමට එක...
මතක පිටු
සරසවියේ මුල්ම වසර දෙක කියන්නේ ජිවිතේ සුන්දරම කාල වලින් එකක්. සින්නොන්ගේ වදෙන් බේරෙන්න අඳුරගත්තත් පස්සේ පස්සේ එක පවුලක් තරමට එකිනෙකා සමීප වෙච්ච හැටි මතක පොතේ එක ගොඩේ ලියවුනු හීනි අකුරු පේලි විදියට හැමදාම ඉතුරු වෙලා තියෙයි. සුන්දර ආදර කන්ද තරණය ඒ පොතට තවත් පාට පිටු ගොන්නක් එකතු කරපු චාරිකාවක්. ඉතින්, එයින් හිතට දැනුනු කිහිපයක් මේ විදියට අලවලා තියන්න හිතුනා.
වෙරළේ සැඳැ සෙවණේ වැලි මත හිඳ සුරතල් කතා වැස්සක් එක්ක උණුසුම හොයන් ආපු ඔබ... රැලි එක පිට එක පෙරලී රඟන දසුනෙන් කෙහෙ රැලි අවුල්...
කදුළු සිතුවම්
නෙතු මගෙ ගැටෙන හැමදාකම දුර දීම.. බුහුටිය හුරුය නැලවෙන හිස කෙහෙ රෑන. ළඟටම එන්න විඳගන්නට හිතලාම මගදිම හැරෙමි ඔය සිනහව ඇති තාම.. ...
පැහැබර සමක විහිදෙන කෙහෙ රළක සතු සුසිනිදු බවක් නැතිදෝ ඔය සිතක රුදු දැවටෙන රැඳෙන මගෙ නෙතු බැල්මකට මුදු නොදනෙන ලෙසින් පිටුපා යන මි...
පවසන්න
නුඹෙ දෙපා පිය නැගෙන වේගෙට නුඹත් එක්කම ඇවිද යන්නැති නුඹෙ කුඩේ ඉහිලෙනා උසකට හිස නමන් පියමන් කරන්නැති නුඹෙ කතා අසමින් ගිහින් තව තව කතා මං ...
පිටව යන්නම්
නුඹෙ කුඩේ ඉහිලෙනා උසකට හිස නමන් පියමන් කරන්නැති
නුඹෙ කතා අසමින් ගිහින් තව තව කතා මං අසා ගන්නැති
ඉරුණු පොඩි කොල කැබලි සුළඟට පා කරන් හිත හදා ගන්නැති
සිත පුරා පුරවමින් වැඩි සෙනෙහෙන් දෙනෙත් මගෙ බරව යද්දී
ලැදි උනත් සරදම් සිනා හැම මුවක් ගානෙම පැතිර යද්දී
අවසරයි දැන් නුඹෙන් වෙන්වී මිදී යන්නට දුරක ඇද්දී
තවත් ලඳකට පෙම් කරන්නට නුඹ කියා දුන් ලෙස ඉදින්නම්
ජීවිතය මත ආදරය කොළ කැබල්ලක් මත රතු ඉරක් නම්
පින්සලෙන් රතු පැහැය බොඳ කරනට කඳුලු බිඳු තව යොදන්නම්
ඈතින් එබෙන ලා සඳ පාටින් දිලෙන ඒ වත ගාවින් රැඳුනු මාදර තාමත් සොඳුරු ඒ සිත... රහසින් සවන් අද්දර සුසුමින් කියන් විස්තර වැදෙ...
නීල නෙතු පිය හැඩ උනාවේ සීත කන් පෙති නැලවුනාවේ රෝස දෙතොලඟ සිනහවේ ගිලී මා ඔහෙ මියදුනාවේ… සුසුම් කඳුළට මුසු වුනාවේ සිහින් සුළඟක බොඳ...
හීතලට අඳුරත් එක් වුනු නොනිදි රැයකදි තනිකමට වැහිබිඳු ඔච්චම් කලා … ලයාන්විත සුවඳකින් අපගේ අතීත මතකයට ජීවයක් එක් කලා … ඒ මතකයට අබ...
නිශා මිරිඟුවක්
දින සති ගණනාවක සාමුහික මහන්සියකින් පස්සේ සංවිධානය වෙන හැම කැම්පස් event එකකම වගේ අවසානයේ හැමෝටම නටලා කරලා විනෝද වෙලා හිත නිදහස් කරගන...
මොහොතක්
ගිමන් හරිමින් සුසුම් අද්දර
පාට කළ මුහුණු ගීතයට වැනුනු